නීති රකින තැන නීති කඩති



අධිකරණ කටයුතු අද (11) උදෑසන සිට යළි ආරම්භ වූ අවස්ථාාවේ දී ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය අසළ තම නඩු වාරය පැමිණෙන තුරු විශාල පිරිස් රැඳී සිටිනු දක්නට ලැබිණි. ඔවුන් බහුතරයක් මුඛ ආවරණ පැළඳ සිටිය ද ඇතැම් පුද්ගලයන් මුහුණු ආවරණ නිසි පරිදි පැළඳ නොසිටින බව පෙනෙන්නට තිබිණි. 

කොරෝනා වසංගතයෙන් මිදීම සඳහා සෑම අවස්ථාවක දී ම සමාජ දුරස්ථ බව රැකගෙන කටයුතු කරන්න යැයි සෞඛ්‍ය අංශ නිරන්තරවම උපදෙස් ලබාදුන්න ද අධිකරණය ඉදිරිපිට රැඳී සිටි මෙම පුද්ගලයන් එම උපදෙස් කිසිසේත්ම ආරක්ෂාකරන බව පෙනෙන්නට නැත. මෙම ස්ථානයේ පොලිස් නිලධාරීන් ද රාජකාරී කටයුතුවල නිරතව සිටිය ද සෞඛ්‍ය නීතිය ක්‍රියාත්මක වන බවක්ද පෙනෙන්නට නැත. 

ඡායාරූප - නීතිඥ ජගත් මාසකෝරාල

 


RECOMMEND POSTS