තුර්කියේ රෝගීන් 82,000 ඉක්මවයි



තුර්කියෙන් වර්තාවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඊයේ (18) වනවිට 82,329 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය ෆැරෙටින්න කොකා ප්‍රකාශ කරයි.

පසුගිය පැය 24ක කාලයේ දී රෝගීන් 3,783ක් අලුතෙන් හඳුනාගෙන ඇත. එම කාලයේ දී අලුතින් 121 දෙනකු මියගොස් ඇති බැවින් මියගිය සමස්ථ පිරිස 1,890ක් දක්වා ඉහළ ගොස් තිබේ. සුවය ලබා ඇති පිරිස 10,453කි.

සෞඛ්‍ය අමාත්‍යවරයා පවසන්නේ ගත වූ පැය 24ක කාලයේ දී සිදුකරන ලද පරීක්ෂණ සංඛ්‍යාව 40,520ක් බවයි. 

සෙනසුරාදා මධ්‍යම රාත්‍රියේ සිට තවත් දින 15ක කාලයක් සඳහා නගර 31ක ගමන් බිමන් සීමා කරන බව ද තුර්කියේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.


RECOMMEND POSTS