ට්‍රම්ප් ආණ්ඩුකාරවරුන් දුර්වලයැයි කියයි.



ඇමෙරිකාව පුරා පැවැත්වෙන විරෝධතා පාලනය කරගැනීමට නොහැකි ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන් ‘‘දුර්වල’’ යැයි එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ චෝදනා කළේය.

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරයාගේ ප්‍රකාශය චෝදනාවකටත් වඩා අපහාසයක් යැයි ද එරට මාධ්‍ය වාර්තා කර තිබිණි.
පොලිස් නිලධාරීන්ගේ ප්‍රචණ්ඩත්වයට ගොදුරු වී මියගිය ජෝර්ඩ් ෆොයිඩ්ගේ මරණයට විරෝධය පළ කරමින් ඇමෙරිකාවේ නගර සියයකට වැඩි ප්‍රමාණයක පැවැත්වෙන උද්ඝෝෂණ මේ වනවිට ප්‍රචණ්ඩකාරී ස්වභාවයක් ගෙන ඇත.

ඇමෙරිකානු ජනාධිපතිවරයා විඩියෝ තාක්ෂණය ඔස්සේ ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන්, නීති බලධාරීන්, ආරක්ෂක අංශ ප්‍රධානීන් සමඟ මේ තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත.

ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන් දුර්වල යැයි එහිදි චෝදනා කර ඇති ඇමෙරිකානු ජනාධිපතිවරයා විරෝධතා පාලනය කිරීම සඳහා දැඩි ක්‍රියාමාර්ග ගන්නැයි ද අවධාරණය කර ඇත.

‘‘ඔබ බොහෝදෙනෙක් දුර්වලයි. ඔබට මිනිස්සු අත්අඩංගුවට ගන්න වෙනවා’’ යැයි ට්‍රම්ප් කීය.

 



 

 


RECOMMEND POSTS