ගල්ෆ් කලාපයේ ආසාදිතයන් ලක්ෂය ඉක්මවයි



නිල සංඛ්‍යාලේඛන වලට අනුව අද (11) දිනය වනවිට ගල්ෆ් අරාබි රාජ්‍ය හයේ කොරෝනා වයිරස රෝගීන් සංඛ්‍යාව 100,000 ඉක්මවා ගියේය. 
 
ගල්ෆ් අරාබි කළාපයට අයත් බහරේනය, කුවේටය, ඕමානය, කටාර්, සවුදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවල් හයෙන් මෙම රෝගීන් සංඛ්‍යාව වාර්තා වි තිබේ.
 
ගල්ෆ් රටවල් හයේ මේ වනවිට මරණ 557ක් සිදුවී තිබේ.
 
මිලියන 30ක පමණ ජනගහනයක් සහිත විහාලම ගල්ෆ් රට වන සවුදි අරාබියේ වැඩිම ආසාදන සංඛ්‍යාව වන 41 014ක් සහ මරණ 225ක් තහවුරු වී ඇත. පසුගිය පැය 24 තුළ සවුදි අරාබියේ නව රෝගීන් 1 966ක් වාර්තා වූ අතර මරණ 09ක් සිදුවිය. සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවා සිටියේ කොරෝනා වයිරසය අප්‍රේල් මාසයේදී සවුදි අරාබියේ 10 000 - 200 000ත් අතර පිරිසකට ආසාදනය විය හැකි බවයි.
 
කුඩා රාජ්‍යයක් වන කටාර් හි රෝගීන් 22 520ක් වාර්තා වන අතර සහ මරණ 14ක් සිදුවී තිබේ.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වාර්තා වී ඇති රෝගීන් ගනන 18 198 කි. එරටින් මරණ 198ක් තහවුරු වි තිබේ.
 
ඕමානයේ රෝගීන් 3 399ක් වාර්තා වී තිබේ. මරණ 17කි.
 
කුවේට් රාජ්‍යයෙන් මේ වනවිට වාර්තා වන රෝගීන් ගනන 8 688කි. මරණ 58ක් සිදුවී තිබේ.
බහරේන් හි රෝගීන් 4 941ක් සහ මරණ 08ක් තහවුරු වී තිබේ.
 
කෙසේ වුවද ගල්ෆ් කළාපයේ බොහෝ රටවල් මේ වනවිට පැනවූ සීමා ලිහිල් කරමින් සිටින බව මාධ්‍ය වාර්තා කර ඇත

RECOMMEND POSTS