කොරෝනා හැදුණු ශ්‍රී ලාංකිකයෙක් එමීර් රාජ්‍යයේ දී හමුවෙයි



එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ශ්‍රී ලාංකිකයකු ඇතුළු පුද්ගලයන් 72ක් කොවිඩ් -19 වයිරසය ආසාදනය වූවන් ලෙස අලුතෙන් හඳුනාගෙන ඇතැයි එරට සෞඛ්‍ය හා රෝග බෝවීම වැළැක්වීමේ අමාත්‍යාංශය සිකුරාදා (27) සවස නිවේදනය කළේය.

අලුතෙන් හඳුනාගත් මෙම රෝගීන් සමග එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් වාර්තාවන සමස්ථ රෝගීන් සංඛ්‍යාව 405 දක්වා ඉහළ ගොස් ඇත. මෙම පිරිස අතර ඉන්දියානු ජාතිකයන් 23 දෙනකු, බංග්ලාදේශ ජාතිකයන් අට දෙනකු,  බ්‍රිතාන්‍ය හා පකිස්ථාන ජාතිකයන් පස් දෙනකු බැගින් සිටින බව ද එක්සත් අරාබි එමීර් රාජ්‍යය පවසයි.

මොවුන් සියලු දෙනා ස්වයං නිරෝධායයනට යොමුකර සිටිති. 

 


RECOMMEND POSTS