ගත වූ පැය 24 දී වැඩිම මරණ ඇමෙරිකාවෙන්



කොවිඩ් - 19 වසංගතයෙන් දිනක තුළ සිදු වූ වැඩිම මරණ සංඛ්‍යාව යළිත් වතාවක් ඇමෙරිකාවෙන් වාර්තාවේ. එය ගත වූ පැය 24ක කාලයේ දී මරණ 1,736කි.

මින් පෙර දිනක දී එක රටක වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව සිදුවූයේ පසුගිය 04 වැනි දා ය. එය ද සිදුවූයේ ඇමෙරිකාවේ වන අතර සංඛ්‍යාත්කව 1,344ක් විය.

ඇමෙරිකාවේව සෞඛ්‍ය අංශ පවසන්නේ නිවෙස්වල සිදුවූ මෙතෙක් වාර්තා නොවූ මරණ ද තිබෙන බැවින් මෙහි සත්‍ය අගය මීට වඩා ඉහළ යා හැකි බවයි.

ජෝන්ස් හෝප්පකින්ස් විශ්වවිද්‍යාලයේ දත්ත පද්ධතියට අනුව ඇමෙරිකාවේ මේ වනවිට සිදුව ඇති මරණ සංඛ්‍යාව 12,844කි. ආසාදිතයන් සංඛ්‍යාව 398,185ක් දක්වා ඉහළ ගොස් ඇත.

‍ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ කොවිඩ්-19 වසංගතයේ අපි කේන්ද්‍රය බවට මේ වනවිට ඇමෙරිකාව පත්ව තිබෙන බවයි.


RECOMMEND POSTS