ෆොටෝෂොප් කරලා



බොලිවුඩ් සුරූපිනී පර්නීති චොප්රා සම්බන්ධයෙන් මේ වනවිට බොලිවුඩ් පුරයේ ලොකු කතාබහක් හටගෙන ඇත.

ඊට හේතුව වී ඇත්තේ ලබන ඔක්තෝබර් ෆිල්ම්​ෆෙයා සඟරාවේ කවරය හැඩවන්නේ ඇගේ සරාගී රුවින් වීමය.

පර්නීති චොප්රාගේ කවරයට පෙනී සිටින්නේ, නාන ඇඳුමකිනි. එහෙත් ඇගේ සිරුර අසාමාන්‍ය ලෙස ෆොටෝෂොප් ඇසුරින් ‘හැඩ ගැන්වීමක්’ කර තිබේ.

29 හැවිරිදි පර්නීති හැඩැති සුරූපිනියක බවත් ඇයගේ සිරුර එසේ වෙනස් කර ‘හැඩ ගැන්වීම’ කළේ ඇයිදැයි යන්න තමන්ට ගැටලුවක් බවත් අන්තර් ජාලය හරහා එම කවරයේ ඡායාරූප දුටු බොහෝ දෙනෙක් පවසති.

එය සැබැවින්ම ‘අසාර්ථක ​​ෆෙටෝෂොප්’ නිර්මාණයක් යැයි ද බොහෝ දෙනා පෙන්වා දී ඇත.

පර්නීති චොප්රා බොලිවුඩයට පිවිසියේ 2011 වසරේ ‘ලේඩීස් වර්සස් රිකී බාල්’ චිත්‍රපටයෙනි.

ඇයගේ නවතම  චිත්‍රපටය වනු ඇත්තේ ‘නමස්තේ ඉංග්ලන්ඩ්’ ය.

(​එන්.ඩී.ටීවී)


RECOMMEND POSTS