හිට් වුණු කමලා හසන්



 
ඉන්දීය සුපිරි නළු කමලා හසන්ගේ නවතම චිත්‍රපටය වන විශ්වරෑපම් - 2 දැන් තිරගත වෙයි
 
කමලා හසන් රගන සිනමාපටයේ තිරගත කිරීම් ඉකුත් 10 වැනිදා ආරම්භ කෙරැණු අතර එය සිනමා රසිකයින් අපේක්ෂාවෙන් සිටි ක්‍රියාදාම චිත්‍රපටයක් වන විශ්වරූපම් සිනමාපටයේ දෙවැනි කොටස වේ.

සිනමාපටය නැරඹීම සඳහා දහස් සංඛ්‍යාත කමලා හසන්ගේ රසිකයන් සිනමාහල් අසල රැස්කමින් සිටි බව විදෙස් වාර්තාවල සඳහන් වෙයි.

2014 දී තිරගත වූ විශ්වරූපම් සිනමාපටයේ පළමු කොටස මූල්‍යමය වශයෙන් අතිශය සාර්ථකත්වයක් අත්පත් කරගත්තේය.

රාහුල් බෝස්, පූජා කුමාර්, ඇන්ඩ්‍රියා ජෙරමියා සහ ශේකර් කපූර් රංගනයෙන් දායක වන මෙම සිනමාපටයත් බොක්ස් ඔෆීස් වාර්තා අලුත් කරනු ඇති බව අපේක්ෂාවයි.

කෙසේ නමුත් විශ්වරූපම් දෙවැනි සිනමාපටයේ සාර්ථකත්වය සම්බන්ධයෙන් පරස්පර විචාරක මත මේ වනවිටත් පළවී තිබේ

තිළිණි ද සිල්වා


RECOMMEND POSTS