හැරී මේගන් මඟුලට මල් තෝරති



මැයි 19 වැනිදා පැවැත්වීමට නියමිත මංගල උත්සවය වෙනුවෙන් ලහිලහියේ සූදානම් වන බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ ඇමෙරිකන් ටෙලි නිළි මේගන් මාකෙල්, මංගල උත්සවයට යොදා ගන්නා මල් තේරීම සිදු කළහ.

මංගල උත්සවයේ මල් යොදා කෙරෙන හැඩවැඩ සියල්ල බාරදීම සිදු කර ඇත්තේ ලන්ඩනයේ සුප්‍රසිද්ධ මල් විකුණන්නියක වන පිලිප්පා කැඩ්‍රොක්ට ය.

තමන් කැමැති මල් වර්ග මොනවාදැයි හැරී සහ මේගන් යුවල පිලිප්පා සමඟ සාකච්ඡා කළ බව ද වාර්තා වේ.

පිලිප්පා පවසා ඇත්තේ යුවලගේ කැමැත්තට අනුව, තමන් ශාන්ත ජෝර්ජ් දෙව්මැදුර සහ ශාන්ත ජෝර්ජ් ශාලාව මල්වලින් හැඩ ගන්වන බවය.

(බී.බී.සී.)


RECOMMEND POSTS