සුපිරි තරුව 26 පසු කරයි



බොලිඩුව් සුපිරි නළු ශාරුක් ඛාන් සිය සිනමා දිවියේ 26 වන වසර සම්පූර්ණ කර තිබේ.

1992 වසරේ ජුනි 25 වන දා තිරගත වූ ' දීවානා ' චිත්‍රපටය ශාරුක් ඛාන් රංගනයෙන් දායක වූ පළමු චිත්‍රපටයයි.

ගෙවුණු 26 වසර පුරාවට තමා සිනමා රසික හදවත්වල කුඩා ස්ථානයක් හෝ ස්පර්ශ කර ඇති බව ත් ජීවිතයේ ඉතිරි කාලය තුළ එය කළ හැකි බවට තමා විශ්වාස කරන බව ත් ශාරුක් ඛාන් පවසා ඇත.

ලබන දෙසැම්බර් 21 වන දා තිරගත වීමට නියමිත සී ෙරා් ශාරුක් ඛාන් රංගනයෙන් දායක වූ නවතම චිත්‍රපටයයි.කත්ට්‍රිනා කායිෆ් මෙන්ම අනුෂ්කා ෂර්මා මෙම චිත්‍රපටයේ සුපිරි නළු ශාරුක් ඛාන් සමග රංගනයෙන් දායක වෙති.

ශාරුක් ඛාන් මේ වනවිට බොලිවුඩ් චිත්‍රපට 80ක පමණ රංගනයෙන් දායක වි ඇති අතර ෆිල්ම් ෆෙයාර් සම්මාන 14කින් පිදුම් ලැබීය.1965 වසරේ නොවැම්බර් 2 උපත ලද ශාරුක් ඛාන් සැලකෙන්නේ,  බොලිවුඩයේ රජු ලෙසයි.

( තිළිණි ද සිල්වා )

හින්දුස්ථාන් ටයිම්ස්.


RECOMMEND POSTS