සැමියා තරම් වටින තෑග්ගක් නෑ



බොලිවුඩයට එක්වුණු සරාගිනිය සනී ලියොන් අද (13) 36 වැනි උපන් දිනය සමරන්නීය.

උපන්දිනයට සුබ පතමින් ඇය සමඟ පිළිසඳරකට එක්වුණු හින්දුස්ථානී ටයිම්ස් පුවත් සේවයට ඇය පවසා ඇත්තේ ඇගේ ජීවිතයට ලැබුණු වටිනාම තෑග්ග ඇගේ සැමියා බවය.

සනී ලියොන්ගේ සැමියා ඩැනියෙල් වෙබර්ය. සනී ලියොන්ගේ උපන්දිනය නිමිත්තෙන් දෙදෙනා මේ වනවිට සිටින්නේ ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර නිවාඩුවකට ගොස් සිටින බව ද වාර්තා වේ. සනී ලියොන් ඇමෙරිකන් පුරවැසියෙකු ද වෙයි.

උපන් දිනය දා සියලු වැඩ රාජකාරිවලින් බැහැර වී තමා තම සැමියා සමඟ සිටින බව ද සනී ලියොන් වැඩි දුරටත් කියයි.

උපන්දිනය සමරමින් අනෙක් නළු නිළියන් සාද පවත්වන නමුත් තමන් කැමැති සැමියා සමඟ සිටීමට යැයි සනී ලියොන් පවසා තිබේ.

සනී ලියොන් සහ ඩැනියෙල් වෙබර් විවාහ වූයේ 2011 වසරේදීය. බොලිවුඞ් නිළියක වීමට පෙර සනී ලියොන් ලිංගික දර්ශන සඳහා පෙනී සිටි ‘පෝර්න් ස්ටාර්’ නිළියක ලෙස ප්‍රකට වූවාය. දැන් ඇය එම කටයුතුවලින් ඉවත් වී සිටින්නීය.

‘උපන් දිනයට විතරක් නොවේ, අනෙක් දවස්වලදීත් ඩැනියෙල් මට ලොකු පුංචි තෑගි ගෙනත් දෙනවා. ඒත් එයා දන්නවා, ඒ හැම තෑග්ගකටම වඩා මට වටිනාම තෑග්ග එයා කියලා’ යැයි සනී ලියොන් වැඩි දුරටත් කියයි.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS