සන්ජේ දත්ට පිළිකාවක්



බොලිවුඩයේ ප්‍රවීණ මෙන්ම ජනප්‍රිය නළු සන්ජේ දත්, පෙනහළු ආශ්‍රිත පිළිකා තත්ත්වයකින් පීඩා විදින බව ඉන්දීය මාධ්‍ය වාර්තා සදහන් කරයි.

මේ බව අනාවරණය වූයේ පසුගිය දා ඔහු හුස්ම ගැනීමට අපහසුවී රෝහල් ගත කළ අවස්ථාවේදීය. සන්ජේ දත් එම අවස්ථාවේදී කොරෝනා පරීක්ෂනයකට යොමු කළ අතර ඔහු කොරෝනා ආසාදිතයකු නොවන බව තහවුරු විය‍

ඉන්පසු වෛද්‍යවරුන් වැඩිදුර පරීක්ෂණ පවත්වා ඇත. පිළිකා තත්ත්වය ගැන දැනගන්න ලැබී ඇත්තේ එවිටය. වෛද්‍යවරුන් පවසා ඇත්තේ සන්ජේ දත්ගේ පිළිකා තත්ත්වය ඔඩුදුවා ඇති බවය.

සන්ජේ දත්ගේ මීළග චිත්‍රපටය වනු ඇත්තේ කන්නඩ චිත්‍රපටයක් වන කේ.එෆ්.ජී චැප්ටර් 2 ය. ජනප්‍රිය නළු යෂ් ප්‍රධාන චරිත නිරූපණය කරන කේ.එෆ්.ජී. චිත්‍රපටයේ ප්‍රධාන දුෂ්ඨයා වනු ඇත්තේ සන්ජේ දත්ගේ චරිතයයි.

(හින්දුස්ථානී ටයිම්ස්)


RECOMMEND POSTS