ෂූටිං ගිය රැජිනි කාන්ත්ට අකරතැබ්බයක්



දෙමළ (කොලිවුඩ් ) සිනමාවේ සුපිරි තාරකාවක් වන රැජිනි කාන්ත් චිත්‍රපට රූ ගතකිරීමක් අතරතුර තුවාල ලැබීමේ සිද්ධියක් වාර්තාවේ.

ටූ පොයින්ට් සීරෝ චිත්‍රපටය සඳහා චෙන්නායි නුවරදී  සිදුකළ රූ ගතකිරීමක් අතරතුර මෙලෙස වම් පාදයට තුවාල සිදුවූ රැජිනි කාන්ත් රෝහල් ගතකර ඇති අතර, ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවයි වාර්තාවන්නේ.

කෙසේ නමුත් චිත්‍රපටයේ නිෂ්පාදකයන් ඔහු තුවාල ලැබූ පුවත ප්‍රකාශ කිරීමට මැලිවූ බව ඉන්දීය මාධ්‍ය සඳහන් කළා.

බොලිවුඩ් සිනමා නළු ආක්ෂේ කුමාර් සහ ඇමී ජැක්සන් ඇතුලු සිනමා තරු රැසක් රඟපාන ටූ පොයින්ට් සීරෝ චිත්‍රපටය නිපදවනු ලබන්නේ ඉන්දීය රුපියල් කෝටි 400 ක වියදමින්.

ඔස්කාර් සම්මාන ලාභී ඒ.ආර්. රහුමාන් ඊට සංගීතය සපයනු ලබනවා

( තිළිණි ද සිල්වා )

ෆිල්ම්ෆෙයාර් ඇසුරෙනි........


RECOMMEND POSTS