ෂාරුක්ගේ දුව කතා මවයි



ලොව බොහෝ පිරිසකගේ ආදරණිය චරිතයක් වූ බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන්ගේ දියණිය සුහානා ඛාන් මේ වනවිට නිතර කතාබහට ලක්වෙන චරිතයක් බවට පත්වී තිබෙනවා.

මේ වනවිට 18 වැනි වියෙහි පසුවන ඇය නිතර සමාජාජාල වෙබ් අඩවි වල රසික අවධානය දිනාගන්නවා.

පසුගියදා  ඇය බිකිණියකින් සැරසි සිටින ඡායාරූපයක් අන්තර්ජාලයට මුදාහැර තිබුණා.
එය ඇයගේ පෞද්ගලික යුරෝපා සංචාරයක් අතරතුරදී ගත් ඡායාරූපයක් වූ අතර, සිය පියාගේ  'කොල්කොටා නයිට් රයිඩර්ස්' හිමිකරුවන් කිහිප දෙනෙකුගේ දරුවන් කිහිප දෙනෙකුද ඊට සහභාගි වි සිටියා.
කෙසේ වෙතත්, මේ වනවිට සුහානා බිකිණියකින් සැරසි සිටින මෙම ඡායාරූපය මේ සතියේ ලෝකයේ වැඩි පිරිසකගේ අවධානය දිනාගත් ඡායාරූපය බවට පත්ව තිබීම විශේෂත්වයක්.

( තිළිණි ද සිල්වා)
හින්දුස්ථාන් ටයිම්ස්


RECOMMEND POSTS