ශෂී කපූර් සමුගනී



70 සහ 80 දශකයේ බොලිවුඞ් සිනමාවේ ජනප්‍රිය නළුවකු වුණු ශෂී කපූර් මෙලොවින් සමුගත්තේය. මියයනවිට ඔහුගේ වයස අවුරුදු 79 කි

‘දීවාර්’, ‘කබීකබී’ යනු ශෂී කපූර්ගේ සදා අමරණීය සිනමා නිර්මාණ වෙයි. ශෂී කපූර් පසුගිය දිනවල අයහපත් සෞඛ්‍ය හේතුවෙන් රෝහල් ගතව සිටියේ යැයි ඔහුගේ පවුලේ අය කියයි. නළුවකු පමණක් නොව ශෂී කපූර් පසුකාලීනව සිනමා අධ්‍යක්ෂකවරයකු ද විය.

ශෂී කපූර් ද දශක ගණනාවක් තිස්සේ බොලිවුඩයේ ආධිපත්‍ය පතුරුවන සුපිරි කපූර් පවුලේ සාමාජිකයෙකි. සිනමා සම්මාන රැසක් හිමි කර ගත් ශෂී කපූර්, 2011 වසරේ දී පද්ම ඉන්දීය රජය පිරිනමන භූෂන් ගෞරව සම්මානයෙන් ද පිදුම් ලැබීය.

ශෂී කපූර් ළමා නළුවකු ලෙසින් බොලිවුඩයට එක් විය. ඉන්පසු ඔහු චිත්‍රපටය 150 කට වැඩි ප්‍රමාණයකට රංගනයෙන් දායකත්වය ලබා දුන්නේය. ශෂී කපූර් විදෙස් චිත්‍රපට කිහිපයකටත් රංගනයෙන් දායක වී ඇත. ඒ අතරින් ‘හීට් ඇන්ඞ් ඩස්ට්’ චිත්‍රපටය කැපී පෙනෙයි.

(එන්.ඩී.ටීවී.)

 


RECOMMEND POSTS