ශෂී කපූර් වෙනුවට රිෂී කපූර්



බොලිවුඩයේ ප්‍රවීණ නළුවකු මෙන්ම නිෂ්පාදකවරයකු ද වන ශෂී කපූර් ඉකුත් 4 වැනිදා, අභාවප්‍රාප්ත වුණු අවස්ථාවේදී, ඒ ගැන බී.බී.සී. පුවත් නාළිකාවේ වාර්තාවක් පළවිය.

බොලිවුඞ් නළු ශෂී කපූර් ලොවෙන් සමුගත් බවත්, ඒ වනවිට ඔහුගේ වයස අවුරුදු 79 ක් බවත්, පුවත් ඉදිරිපත් කළ හියුව් එඞ්වඞ්ස් නිවේදනය කරන්න විය.

මේ අවස්ථාවේදී, ශෂී කපූර්ගේ යැයි පවසමින්, තිරයේ දිස් වන්න වූයේ ශෂී කපූර්ගේ දසුන් නොව, ශෂී කපූර්ගේ බාල සොහොයුරු රිෂී කපූර්ගේත් අමිතාබ් භච්චන් රංගනයෙන් එක්වුණු ජවනිකා කිහිපයකි.
වැරැදීමක් සිදුවුණු බව දැනගත් සැණින් පුවත් සංස්කාරක පෝල් රොයල් කඩිනමින් සමාව ඉල්ලීමක් කළේය.

ඔහු සමාව ඉල්ලමින් ඔහුගේ ට්විටර් ගිනුමේ පණිවුඩයක් පවා සටහන් කර ඇති බව දැනගන්න ලැබේ.
කෙසේ නමුත් බී.බී.සී. නාළිකාව වැනි ලොව ප්‍රධාන පෙළේ පුවත් නාළිකාවක් මේ අයුරින් නොසැලකිල්ලෙන් කටයුතු කිරීම ගැන වෙනත් පුවත් නාළිකාවලින් විවේචන එල්ල වී ඇත.

(බී.බී.සී.)


RECOMMEND POSTS