ලුවී කුමාරයා බෞතීෂ්ම කරලා



බ්‍රිතාන්‍ය රජ කිරුළට උරුමකම් කියන කුඩාම සාමාජිකයා ලුවී කුමරුන් බෞතීෂ්ම කිරීම පසුගිය දා සිදුවිය.

සති 12 ක් වයසැති කුමරු සිහනසෙමින්, තම මව කේට් මිඞ්ල්ටන් හෙවත් කේම්බ්‍රිජ් ආර්යාව සමඟ සිටින එක් ඡායාරූපයක් මේ වනවිට විදෙස් පුවත් සේවා ඔස්සේ කාගේත් අවදානයට ලක් වී අවසන්ය.

ඡායාරූප මෙසේ ප්‍රසිද්ධියට පත් කරනු ලැබුවේ කෙන්සින්ටන් මාලිගය විසිනි.

එපමණක් නොව, ලුවී කුමරු, මව කේට් මිඞ්ල්ටන්, පියා විලියම් කුමරු සහ සොහොයුරිය චාලට්කුමරිය සහ සොහොයුරා ජෝර්ජ් කුමරු එකට සිටින ඡායාරූපයක් ද කෙන්සින්ටන් මාලිගය ප්‍රසිද්ධියට පත් කර ඇත.

(ඩේලිමේල්)


RECOMMEND POSTS