රාජ් කපූර් ගේ බිරිද මියයයි



බොලිවුඞ් සිනමාවේ සලකුණක් තැබූ , අහාවප්‍රාප්ත චිත්‍රපට රංගන ශිල්පි රාජ් කපූර් ගේ  බිරිඳ වූ ක්‍රිෂ්ණ රාජ් කපූර් මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.

රාජ් කපූර්ගේ බිරිඳ ක්‍රිෂ්ණා රාජ් කපූර් වයස අවුරුදු 87 ක්ව සිටියදී  මුම්බායි හි දී අභාවප්‍රාප්ත වී ඇත.

රාජ් කපූර් 1946 වසරේදී ක්‍රිෂ්ණා සමඟ විවාහ වූ අතර, ඔවුන්ට රන්ධීර් කපූර්, රිෂී කපූර්, රජීව් කපූර් මෙන්ම රීමා ජායින් සහ රිතූ නන්දා යන දරුවන් පස් දෙනෙකු සිටිති. රාජ් කපූර් ගේ අසම්මත පෙම් සබදතා ගසක් තිබියදී.පවුල රැක ගත් යකඩ ගැහැණියක් ලෙස ඇය විරැදාවලිය ලැබුවාය.

එමෙන්ම, බොලිවුඩ් සිනමා නළු නිළියන් වන රන්බීර් කපූර්, කරීනා කපූර් සහ කරීෂ්මා කපූර් අද අභාවප්‍රාප්ත වූ ක්‍රිෂ්ණාරාජ් කපූර්ගේ මුණුපුරු, මිනිපිරියන්වෙති. ඇයගේ මෙම හදිසි මරණයෙන් ඔවූහු දැඩි ලෙස වික්ෂිප්තව සිටින බැව් බොලිවුඩ් ආරංචි මාර්ග කියා සිටී.

( තිළිණි ද සිල්වා )

ෆිල්ම්ෆෙයාර්


RECOMMEND POSTS