රන්වීර් සිං - දීපිකා විරසක වෙලා



 

වර්තමානයේ බොලිවුඩයේ ජනප්‍රියතම පෙම්වතුන් යුවළ ලෙස නම්ව ඇති රන්වීර් සිං හා දිපීකා පදුකෝන් (Ranveer singh and deepika padukone ) දෙදෙනා විරසක වූ පුවතක් ‘ලයිෆ් ඔෆ් බොලිවුඩ්’ වෙබ් අඩවිය වාර්තා කරනවා.

මොවුන් දෙදෙනා මෙසේ විරසක වීමට හේතුව කුමක්ද යන්න තවමත් නිශ්චිත පැහැදිලි නොවන අතර, නිල නොලත් වාර්තා සඳහන් කොට ඇත්තේ රන්වීර්, සිය අලුත්ම චිත්‍රපටය වු ‘බේෆික්රේ’ හි වානි කපූර් සමගින් රංගනයෙන් දායක වීම ගැන අගය නොකිරීමත් නිසා සිදු වූ හිත් අමනාපයක් හේතුව වී ඇති බව සඳහන්.තවත් සමහර අයෙක් කියා සිටින්නේ ඔවුන් දෙදෙනා ඉිදිරියේදී රගපෑමට නියමිත අලුත්ම චිත්‍රපටය වන “ පද්මාවති “ චිත්‍රපටය නිසා ඇතිවූ සිද්ධියක් නිසා මෙලෙස හිත් අමනාපකම් සිදුවී ඇති බවය.

මීට පෙරද ඔවුන් දෙදෙනා සිය ප්‍රේම සම්බන්ධය නවතා දැමූ බවට තොරතුරු වාර්තා වුවද පසුව ඔවුන් දෙදෙනා නැවතත් එක්ව තිබුණා. ඒ නිසාවෙන් මෙම පුවතද බොහෝ පිරිසක් මත පළ කර සිටින්නේ රන්වීර් සිංගේ අලුත්ම චිත්‍රපටය වු ‘බේෆික්රේ’ සඳහා ප්‍රේක්ෂක අවධානය දිනා ගැනීම අරමුණින් සිදු කරන්නක් බවයි.

( තිළිණි ද සිල්වා )

ලයිෆ් ඔෆ් බොලිවුඩ් ඇසුරෙනි.....


RECOMMEND POSTS