රජ පැටියා දැන් ලොකු ළමයෙක්



භූතාන රජු 37 හැවිරිදි ජිල්ග්මේ කෂාර් වංග්චුක් රජු  සහ 27 හැවිරිදි ජෙට්සන් පෙමා බිසවගේ පුංචි පුතුගේ ඡායාරූප පෙළක්  මේල් ඔන්ලයින් පුවත් වෙබ් අඩවිය ප්‍රසිද්ධියට පත් කර තිබේ.

පුංචි කුමරු ජිග්මේ නම්ග්යාල් වංග්චුක් පළමු වසරට පා තබා ඇති අතර, ඡායා රූ පෙළ පළ වූයේ ඒ අනුවය.

‘මකර කුමරු’ යන නමින් ද හැඳින්වෙන මෙම කුමරා ලිංග්කාන් මාලිගයේත් මාලිගයේ මල් උයනේත් කෙළිදෙළෙන් සිටින අයුරු ඡායාරූපවල දැක්වෙයි. කුමරාගේ පළමු උපන්දිනය පසුගිය පෙබරවාරියට යෙදී තිබුණු බව ද වාර්තා වේ.

විලියම් කේට් රජ පවුල මෙන් නොව, භූතාන රජ පවුලට ප්‍රසිද්ධියක් හිමි නොවන තරම්ය. රජ පවුල මේ අයුරින් වර්ණවත් ඡායාරූවලට පෙනී සිටීම දුර්ලභ සිද්ධියක් බව මේල් ඔන්ලයින් වෙබ් අඩවිය සඳහන් කර තිබේ.

(ඬේලිමේල් ඇසුරිනි)

 


RECOMMEND POSTS