මෙලානියා ට්‍රම්ප් පුටින් ළඟ



‘ජී20’ සමුළුව ජර්මනියේ හැම්බර්ග් නුවර පැවැත්වුණු අතර ඊට සහභාගී වන රාජ්‍ය නායකයන් වෙනුවෙන් සාම්ප්‍රදායිකව රාත්‍රී භෝජන සංග්‍රහයක් ද සංවිධානය කර තිබුණි.

එහිදී රුසියන් ජනාධිපති අසල අසුන් ගෙන සිටියේ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ බිරිය මෙලානියාය.

මෙලානියා ට්‍රම්ප්, ඩොනල්ඞ් ට්‍රම්ප් බිරිය වීමට පෙර මෝස්තර නිරූපිකාවක වූවාය. ඇය උපතින් ඇය ස්ලොවේනියානු ජාතිකයෙකි. ඇයට රුසියන් බස චතුර ලෙස කතා කිරීමට හැකිය.

රාත්‍රී භෝජන සංග්‍රහයට එකට අසුන් ගනීමට පෙර, මෙලානියා සහ ජනපති පුටින් ද හමුවූයේ සුහඳ අතට අත දීමකින් පසුවය.

මේ අතර, මෙලානියාගෙන් මදක් වෙන් වී සිටි ජනපති ට්‍රම්ප්, භෝජන සංග්‍රයේ දී අසුන් ගත්තේ ආජන්ටිනා ජනාධිපති ආර්යාව ජුලියානා අවාදේ ළඟය.

ට්‍රම්ප් සහ පුටින් හමුව පමණක් නොව, මෙලානියා සහ පුටින් එක ළඟ අසුන් ගෙන සිටීම ද කාගේත් අවධානයට හේතුවක් විය. ඩොනල්ඞ් ට්‍රම්ප්ට ඇමෙරිකාවේ ජනපතිවරයා වීමට පුටින් රහසේ උදවු කළ බවට චෝදනා එල්ල වී ඇත. ඒ සම්බන්ධයෙන් ඇමෙරිකන් ආරක්ෂක අංශ පරීක්ෂණ පවත්වයි. තමන්ට එල්ල වන චෝදනා පුටින් තරයේ ප්‍රතික්ෂේප කර ඇත.

ජනපති ධුරයට පත්වීමෙන් පසු ට්‍රම්ප් සහ පුටින් අතරේ පළමු මුහුණට මුහුණ හමුව පැවැතියේ මෙම ජී 20 සමුළුවේදීය. දෙදෙනා අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්විණි. ‘ඔබ හමුවන්න ලැබීම ලොකු ගෞරවයක්’ යැයි එම හමුවේදී ට්‍රම්ප් රුසියන් ජනපති පුටින්ට පැවැසීය.

(ඬේලිමේල් ඇසුරිනි)

 


RECOMMEND POSTS