මුරලි වෙනුවෙන් කොලිවුඩ් චිත්‍රපටයක්



මෙරට සුපිරි දඟ පන්දු යවන්නෙකු වූ මුත්තයියා මුරලිදරන්ගේ ජීවිත කතාව ඇසුරින් නිර්මාණය කෙරෙන චිත්‍රපටය නිෂ්පාදනය කිරීමට සුපිරි දකුණු ඉන්දීය නළු රානා දග්ගුබාටි සූදානම් වේ.

මෙහි මුත්තයියා මුරලිදරන්ගේ චරිතයට ප්‍රවීණ දකුණු ඉන්දීය නළු විජේ සේතුපාති පණ පොවනු ඇති.

සිය ට්විටර් ගිණුම ඔස්සේ මේ බව දැනුම් දුන් රානා දග්ගුබාටි සඳහන් කර සිටියේ අනර්ඝ ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ ජීවිත කතාව ප්‍රවීණ නළුවෙකු තුළින් කියා පෑමට අවස්ථාව ලැබීම පිළිබඳව ආඩම්බරයට පත් වන බව ය.

මෙතෙක් නම් කර නැති මෙම චිත්‍රපටයේ රූගත කිරීම් ලබන දෙසැම්බර් මාසයේදී ඇරඹීමට නියමිත ය.

( තිළිණි ද සිල්වා )

ෆිල්ම්ෆෙයාර් ඇසුරෙනි.


RECOMMEND POSTS