මාධ්‍යවේදී තරුණයාට අනුෂ්කාගෙන් උපදෙස්



සිය නවතම චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතුවල නියැලෙන බොලිවුඩ් සුරූපිනී 28 හැවිරිදි අනුෂ්කා ෂර්මා පසුගිය දා මාධ්‍ය හමුවකට එක්වූවාය

එම අවස්ථාවේ ඇයගෙන් ප්‍රශ්න ඇසීම කරමින් සිටි මාධ්‍යවේදී තරුණයාගේ ජංගම දුරකතනයට ඇමතුමක් ලැබිණි. ඇමැතුම අම්මාගෙන් යැයි සටහන් විය. සම්මුඛ සාකච්ඡාවට බාධාවක් වන හෙයින් මාධ්‍යවේදියා ඇමතුමට පිළිතුර නොදුන් අතර දුරකතනය ද දිගටම නාද වන්න විය.

අනුෂ්කා ප්‍රශ්නවලට පිළිතුරු දීම නවතා මාධ්‍යෙව්දියාගේ දුරතනයට හලෝ කීවාය. තමා කවුරුදැයි මාධ්‍යවේදී තරුණයාගේ මවට හඳුන්වා දුන්නාය. ඉන්පසු දුරකතනය යළි මාධ්‍යවේදියාට දුන්නාය.

ඇමතුම අවසන් වුණු පසු අනුෂ්කා මාධ්‍යවේදී තරුණයාට මෙසේ පැවැසුවාය. අම්මා කතා අමතනවා නම්, මොන වැඩේ කළත් කමක් නැහැ. ටිකකට ඒක නවත්වලා ෆෝන් එකට පිළිතුරු දෙන්න.

එන්.ඩී.ටීවී


RECOMMEND POSTS