භාෂා 80 ක ගීත කියා ලෝක වාර්තාවකට



ඉන්දියානු සම්භවයක් සහිත එමිරේට්ස් දැරියක් භාෂා අසූවකින් ගීත ගායනා කර ගිනස් ලෝක වාර්තාවක් තැබීමට උත්සහ කරන බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

වයස අවුරුදු 12ක දැරියක් වන සුචේතා සතිෂ්, ඩුබායි නුවර පිහිටා ඇති ඉන්දියානු උසස් පාසලේ හත වසරේ ඉගෙනුව ලබන සිසුවියක් වන අතර දෙසැම්බර් 29දින පැවැත්වෙන ගින්ස ලෝක වාර්තාව තැබීමට සුදානම් වන උත්සවයේදී භාෂා අසූවකින් ගීත ගායනා කිරීමට ඇය බලාපොරොත්තු වේ.

භාෂා අසුවට අමතරව තවත් භාෂා පහකින්ද ගීත ගායනා කිරීමට ඇය උත්සහ කරන බව වාර්තා වේ.

මෙවැනි දක්ෂතාවයක් දැක්වීමට වසර 10කට ආසන්න කාලයක් ගීත ගායනා කරමින් පුරුදු පුහුණු විය යුතු බව එමිරේට්ස් සංගීත ප්‍රවීණයකු ප්‍රකාශ කළේය. 

පාසලේ පැවැත් වෙන තරඟ වලදී හින්දි, දෙමළ, මලයාලම් සහ ඉංග්‍රීසි යන භාෂාවලින් ඇය ගීත ගායනා කරන අතර පසුගිය වසරේ සිට ඇය අනිකුත් විදේශීය භාෂාවලින් ගීත ගායනා කිරීම ආරම්භ කළ බව වාර්තා වේ.

“අවුරුද්දකට විතර කලින්, තාත්තගේ යාළුවෙක් වෙන සම පිළිබඳ ජපන් විශේෂඥ වෛද්‍යවරියක් අපේ ගෙදර ආවා. ඇය කියපු ජපන් ගීතයකට මම හුගාක් ආසා කලා, පස්සේ මම ඒ සින්දුව ගායනා කරන්න ඉගෙන ගත්තා. ඒක තමයි මගේ පළමු විදේශය ගීතය වුනේ.සාමාන්‍යයෙන්, මට සිංදුවක් ඉගෙන ගන්න පැය දෙකක් වගේ යනවා, සිංදුව උච්ඡාරණය කරන්න පහසු වුනොත් පැය භාගයකින් ඉගෙන ගන්න පුළුවන්. ප්‍රංශ, හංගේරියානු, ජර්මානු ගීත තමයි අමාරුම ඉගෙන ගන්න. ’’ යනුවෙන් සුචේතා දැරිය ප්‍රකාශ කළාය.

ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ ගෑන්ඩ්හිල්ස්හිකේසිරාජු සිරිනිවාස් භාෂා 76ක ගීත ගයනා කරමින්2008දී වර්තමාන ගිනස් ලෝක වාර්තාව පිහිටුවා ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS