බෙනාසීර් බූතෝගේ දියණියගෙන් චෝදනාවක්



රාමාදාන් උපවාස වතාවත් කඩ කරන පුද්ගලයන්ට මාස තුනක සිර දඬුවමක් නියම කිරීමට පකිස්ථාන් බලධාරීන් ඉදිරිපත් කරන සැලසුම් එරට හිටපු අගමැතිනියකගේ දියණියක් විසින් ප්‍රසිද්ධියේ දෝෂ දර්ශනයට ලක් කරනු ලැබ ඇත.

රාමදාන් වතාවත් කඩ කරන පුද්ගලයන්ට මාස තුනක සිර දඬුවමක් පැනවිය හැකි මට්ටමින් දැනට බලපැවැත්වෙන නීතිය සංශෝදනය කිරීමේ යෝජනාවක් පකිස්ථාන් සෙනේට් සභාවේ ආගමික කටයුතු භාර කමිටුව පසුගිය සතියේ අනුමත කරනු ලැබුණි.

හිටපු අගමැතිනි බෙනාසීර් බුට්ටෝගේ වැඩිමහල් දියණිය වන බක්තාවාර් බුට්ටෝ ශර්දාරි (Bakhtawar Bhutto-Zardari )එම ප්‍රයත්නය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් එවැනි සිර දඬුවමක් පැනවීමේ යෝජනාව "විහිළුවක්" හැටියට විග්‍රහ කර ඇත.

ළමුන්,වැඩිහිටියන් සහ රෝගීන් රාමදාන් සමය තුළ "වතුර ටිකක් බීමේ වරදට" සිරගත කළ යුතුදැයි බක්තාවාර් බුට්ටෝ සිය ට්විටර් පණිවුඩයක් මගින් ප්‍රශ්න කරයි.

සෙනේට් සභා ආගමික කමිටුවේ අනුමැතිය ලද ව්‍යවස්ථා සංශෝධනය නීතිගත වීමට නම් එය පාර්ලිමේන්තුව තුළ වැඩි ඡන්දයෙන් සම්මත විය යුතුව ඇත. එම සංශෝධනය සම්මත කෙරෙන හැඩක් දක්නට ඇත යන්න විශ්ලේෂකයන්ගේ අදහසයි.

තිළිණි ද සිල්වා
බී.බී.සී ඇසුරෙනි.


RECOMMEND POSTS