පිළිකාව පරද්දන්න සැරසෙන සොනාලි



අනූව දශකයේ අගභාගයේ බොලිවුඩ් සිනමාවට පිවිසි සුරෑපි නිළි සොනාලි බෙන්ද්‍රේ ඉතාම දරුණු තත්ත්වයේ පිළිකාවකට ගොදුරු වී ඇතැයි බොලිවුඩ් ආරංචි මාර්ග පවසයි.

නමුත් ඇය මෙම පිළිකා රෝග තත්ත්වය නිසා එය මර්දනය කිරීමේ පියවරක් ලෙසින් ඉතා ධනාත්මකව ජීවිතය ගැන සිතමින් ඇමෙරිකාවේ සසුප්‍රසිද්ධ රෝහලක ප්‍රතිකාර ගනිමින් සිටින බවද සදහන්ය. ඇයගේ ප්‍රතිකාර සදහා දිගු වරලස ඉතා කෙටි කිරීමටද ඇය ඉතා ඉක්මනින් කටයුතු කර තිබීම විශේෂත්වයකි .

මෙම පිලිකා මාරයා පැරද වීමට ඇයට මෙලෙස ශක්තිය ගෙන දී ඇත්තේ ඇයගේ 12 හැවිරිදි එකම පුතුනුවන් බව සදහන් වෙනවා..ඇයගේ මේ ශක්තිය ගැන කියැවෙන අපූරු සටහනක් ඉන්ස්ට්‍රග්‍රෑම් සමාජ ජාලා ගිණුම ඔස්සේ පළ කර කිරීමට අමතක නොකළාය.

"මගේ ජීවිතය අදට වසර 12 කලින් ඇරඹුනා.ඒ මගේ කුඩා පුතු රොකී නිසයි. එයා මගේ විතරක් නෙවෙයි. ගෝල්ඩි ගේත් ජීවිතය.ජීවිතයේ අසීරුම අවස්ථාවකදී ඒ දේ ජයග්‍රහණය කරන්නේ කොහොමද කියලා මම මගේ පුතුට කියලා දුන්නා. දැන් ඔහු සියල්ල දන්නවා.මගේ ශක්තිය එයයි. ඒ සෙනාලිගේ සටහනේ සාරාංශයයි.

සොනාලිත් ඇයගේ පුතුනුවන් එක් ඡායාරෑපයක් එක් කරමින් ඇය සංවේදී සටහනක් එක් කිරීම බොලිවුඩ්යේ සියලු සිනමා තාරකාවන් ගේ නෙතගට කදුළු එක් කිරීමට හේතු වෙලා වගේම, ඒ හැමෝම ඇයට ඉක්මන් සුවය පැතුම් එක් කිරීමට අමතක නොකළහ.

1994 වසරේ ' ආග් ' හින්දි චිත්‍රපටයෙන් බොලිවුඩ් සිනමාවට පිවිසි සොනාලි පසුව අමිතාබ් බච්චන් , ෂාරුක් ඛාන්, සල්මාන් ඛාන්, අමීර් ඛාන්, අජේ දේව්ගන්, සායිෆ් අලි ඛාන් ආදි සුපිරි නලුවන් සමග චිත්‍රපට රුසක රගපෑවාය. ඇය විවාහ වූයේ මුම්බායි හි ප්‍රකට ව්‍යාපාරිකයෙකු වූ ගෝල්ඩි බෙහ්ල් සමගය.ඔහු අභිෂේක් බච්චන් ගේ සමීපතම මිතුරෙකි.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS