පද්මාවතීට පැසැසුම්



කවුරුත් පුලපුලා බලා සිටි පද්මාවතී බොලිවුඩ් සිනමාපටයේ පූර්ව ප්‍රචාරක පටය ඊයේ අන්තර් ජාලයට මුදා හැරුණු අතර එය බොහෝ දෙනාගේ පැසැසුමට හේතුවක් වී තිබේ.

දීපිකා පදුකෝන්, ෂාහීද් කපූර් සහ රන්වීර් සිං චිත්‍රපටයේ ප්‍රධාන චරිත අතර සිටිති. රන්වීර් සිං චිත්‍රපටයේ දුෂ්ඨයා වෙයි.

පද්මාවතී චිත්‍රපටය ප්‍රවීණ බොලිවුඩ් සිනමා අධ්‍යක්ෂ සන්ජේ ලීලා බන්සාලීගේ අධ්‍යක්ෂණයකි.

අතිශය සාර්ථක දමිළ චිත්‍රපටයක් වන බාහුබාලී අධ්‍යක්ෂ එස්. රාජ්මෝලී මවා චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය දැක මවිතය පළ කර තිබේ. ඒ, ට්විටර් පණිවුඩ ඔස්සේය.

ඓතිහාසික රජ කතාවක් පද්මාවතී චිත්‍රපටයට පාදක වී ඇත. චිත්‍රපටයේ දුෂ්ඨයා වන්නේ සිත්පිත් නැති මෝගල් අධිරාජයෙකි. ඔහු අබ්දුල්ලා කිල්ජී ය.

සිත්පිත් නැති ම්ලේච්ඡ බලයට කෑදර අබ්දුල්ලා කිල්ජීගේ චරිතය නිරූපණය කරමින් රන්වීර් සිං සිය රංගන හැකියාව තවත් ඉදිරියට ගෙන ගොස් ඇතැයි ප්‍රවීණ බොලිවුඩ් නළු අමිතාබ් භච්චන් කියයි.

එස්. රාජ්මෝලී පවා සිය ට්විටර් ගිණුමෙහි සඳහන් කර ඇත්තේ දුෂ්ඨයකු ලෙස රන්වීර් සිංගේ රංගනය අතිවිශිෂ්ට බවය.

චිත්‍රපටය දෙසැම්බර් පළමු වැනිදා සිට තිරගත වෙයි.

පූර්ව ප්‍රචාරක පටය නැරැඹීම සඳහා - https://youtu.be/X_5_BLt76c0

එන්.ඩී.ටීවී. ඇසුරිනි

 


RECOMMEND POSTS