ඩොනල්ඩ් ට්‍රම්ප් ශ්‍රී ලාංකීය චිත්‍රපටයක රඟපාලා



පසුගියදා ඇමෙරිකානු ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ  ඩොනල්ඩ් ට්‍රම්ප් 1989දී පටිගත කරන ලද ශ්‍රීලංකීය චිත්‍රපටයක් වන “ගෝස්ට් කාන්ට් ඩු“හි රගපා ඇත.

මෙම චිත්‍රපයයේ සම නිෂ්පාදකවරුන් වන්නේ බෝ ඩෙරෙක් සමග ශ්‍රීලාංකීය කෘතහස්ත චිත්‍රපට නිෂ්පදකයෙකු වන චන්ද්‍රන් රත්නම් වන අතර මෙම චිත්‍රපටිය අධ්‍යක්ෂණය කර ඇත්තේ ජෝන් ඩෙරෙක් විසිනි.

මෙහි දර්ශන ඩොනල්ඩ් ට්‍රම්ප්ට ගැලපෙන ආකාරයෙන් අධ්‍යක්ෂණය කර ඇත්තේ ජෝන් ඩෙරෙක්ය.

මෙය ඉතා කෙටි දර්ශන පෙළක් වුවත් එම දර්ශන පටිගතකිරීම් සිදුකර ඇත්තේ ට්‍රම්ප් ටවර්හි ඔහුගේ අධ්‍යක්ෂක මණ්ඩලය රැස්වෙන කාමරය තුලයි.

සමහර අවස්ථාවලදී සමහර දර්ශන අවස්ථා දෙක තුනක් කිරීමට සිදුවිය. ඒ සෑම අවස්ථාවකදීම ට්‍රම්ප් සතුටින් එකග වුනා. මෙම පටිගතකිරීම එක්දිනක් වුවත් එම දවස සිය ජීවිතයේ ආනන්ද ජනක ඇත්දැකීමක් වූ බව චන්ද්‍රන් රත්නම් ප්‍රකාශ කර සිටියේය.

(ජානක ප්‍රිය දර්ශන ජයතිලක)


RECOMMEND POSTS