ජෝන් මැකේන් සමුගනී



ඇමෙරිකන් සෙනෙට් සභික ජොන් මැකේන් මෙලොවින් සමුගත්තේය. මියයනවිට ඔහුගේ වයස අවුරුදු 81 කි.

මැකේන්, වියට්නාම යුද්ධයට එක්වුණු සොල්දාදුවකු මෙන්ම ජනාධිපති ධුර අපේකෂකයකු ද වෙයි. රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරමින් 2008 වසරේ පැවැත්වුණු ජනාධිපතිවරණයට මැකේන්ඉදිරිපත් විය. ඒ, ඩිමොක්‍රටික් අපේක්ෂක බැරැක් ඔබාමාගේ ප්‍රතිවාදියා ලෙස තරඟ වැදීමටය.

2017 වසරේ ලේ කැටියක් සිරවීමෙන් මැකේන් රෝහල් ගත කෙරුණු අතර ඔහු සැත්කමකට ලක් විය. මොළයේ පිළිකා ගෙඩියක් ඇති බව වෛද්‍යවරුන් දැනගත්තේ එවිටය.

එදා සිට මේ දක්වා ප්‍රතිකාර කළ ද එම ප්‍රතිකාර සාර්ථක වූයේ නැත. පසුගිය සිකුරාදා වෛද්‍යවරුන් මැකේන්ගේ බිරිඳට සහ දියණිය මේගන්ට පවසා තිබුණේ පිළිකා ගෙඩිය ඔඩුදුවා ඇති හෙයින් තවත් ප්‍රතිකාර කිරීමෙන් පලක් නොමැති බවය.

මැකේන් ඇමෙරිකන් ගුවන් හමුදා ප්‍රහාරක නියමුවකු ලෙස වියට්නාම් යුද්ධයට සම්බන්ධ වී සිටිද්දී, සතුරන් අතට පත් විය. එහිදී ඔහු නොයෙක් විදියේ කුරිරු වධබන්ධනවලට ලක් කෙරුණු බව පැවැසෙයි.

ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, හිටපු ජනාධිපති ජෝර්ජ් බුෂ්, බැරැක් ඔබාමා ඇතුළු බොහෝ දෙනකු සොව පළ කරමින් ටිව්ටර් පණිවුඩ යවා ඇතැයි ද වාර්තා වේ.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS