ජෙනිෆර් ලෝරන්ස් මත් උවදුරින් මිදිලා



ඔස්කාර්  සම්මානලාභී Jennifer lawrence මත්ද්රව් භාවිතයට ඇබ්බැහි වී සිටි බවට ආරංචි පසුගිය කාලය මුළුල්ලේ හොලිවුඩය පුරා විටින්විට පැතිරී ගියා. මේ හේතුවෙන් ඇයට පුනරුත්ථාපන මධ්යස්ථානයක පවා රැඳෙමින් නේවාසිකව ප්රතිකාර ලබා ගන්නට සිදුවු බව ඇමෙරිකාවේ මාධ් වල නිරන්තරයෙන් වාර්තා වුණා.

ඒ සියල්ල වෙනස් කරමින් දැන් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් හා කල් කිරයාවෙන් පසුවන 26 වියැති ජෙනිෆර්, තම දෙමවුපියන්ගේ අවවාද, අනුශාසනා පිළිපදිමින් සිටින බවයි පැවසෙන්නේ. පියා, කැරන් සහ මව, හැරීගේ සෙනෙහස මැද ජීවත්වන ජෙනිෆර් දැන් මුළුමනින් ම මත්පැන් සහ මත්ද්‍රව්‍යවලින් මිදී සිටිනවා

“ජෙනී නිහඬව කාලය ගත කරනවා. එදා එයාව අයහපත් පැත්තට ඇදගෙන ගිය පුද්ගලයන් දැන් එන්නෙ නැහැ.” ජෙනිෆර් ගේ හිතවතියක් එලෙස පැවසුවා. මේ සම්මානලාභී නිළිය කිසිදු සාදයකට හෝ මිතුරු මිතුරියන් ගැවසෙන තැන්වලට යෑමෙන් වැළකී සිටිනවා. ඒ විතරක් නොවෙයි. කෙටි කෑම වර්ග සහ මස්, මාළු අනුභවයෙන් ද ඈත්ව සිටින බවයි ආරංචි.

ජෙනිෆර්, පසුගිය ජූනි මාසයේදී කැනඩාවේදී රූගත කෙරුණු ‘ඩේ සික්ස්’ චිත්‍රපටයේ රඟපෑමට පිටත්ව යන්නට කලින් දෙමවුපියන් දුන් උපදෙස්වලට සවන් දෙන්නටත් අමතක කළේ නැහැ.

( තිළිණි සිල්වා )

හෙලෝ සගරාව ඇසුරෙනි.....


RECOMMEND POSTS