ජනප්‍රිය නළු එඞ්රිස් එල්බාටත් කොරෝනා



හොලිවුඩයේ ජනප්‍රිය ක්‍රියාදාම නළුවකු වන එඞ්රිස් එල්බාට ද ‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇත.

මේ බව ලොවට අනාවරණය කරනු ලැබුවේ එඞ්රිස් එල්බා විසිනි. ඒ, ට්විටර් පණිවුඩයක් නිකුත් කරමිනි. 47 හැවිරිදි එල්බා වැඩිදුරටත් කියා සිටියේ වෛද්‍ය උපදෙස් මත තමන් නිරෝධායන ක්‍රියාවලියකට ලක් වී සිටින බවය.

මේ අතර කොරෝනා වයිරසය ආසාදනය වී, ඕස්ටේ්‍රලියාවේදී නිරෝධායන ක්‍රියාවලියකට ලක් වී සිටි සම්මානනීය හොලිවුඞ් නළු ටොම් හෑන්ක්ස් සහ බිරිඳ රීටා විල්සන්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරී ඇති බවත්, ඔවුන් රෝහලෙන් පිටව ගොස් ඇති බවත් වාර්තා වේ.

ලොස් ඇන්ජලීස්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS