ගොඩ්සිලාගේ දෙවැනි වික්‍රමය එනවා



කවුරුත් පුලපුලා බලා සිටින දෙවැනි ගොඞ්සිලා වික්‍රමය ‘ගොඞ්සිලා: කිංග් ඔෆ් මොන්ස්ටර්ස්’ චිත්‍රපටය ලබන 29 සිට ලොව පුරා තිරගත වෙයි.

ගොඞ්සිලා චිත්‍රපට රැසක් රිදී තිරයට පැමිණ ඇත. ඒවායින් බහුතරය ජපන් නිෂ්පාදනය. ඊට හේතුව ගොඞ්සිලා නමැති අති දැවැන්ත බිහිසුණු මෘගයා ජපන් චරිතයක් වීමය.

‘ගොඞ්සිලා’ චරිතය යොදා ගනිමින් 2014 දී වෝනර් බ්‍රදර්ස් සමාගම නිර්මාණය කළ චිත්‍රපට මාලාවේ දෙවැනි කොටස ලෙස ‘ගොඞ්සිලා: කිංග් ඔෆ් මොන්ස්ටර්ස්’ හැඳින්විය හැකිය. 2014 ගොඞ්සිලා චිත්‍රපටය ගැරත් එඞ්වර්ඞ්ස්ගේ අධ්‍යක්ෂණයකි. එය කවුරුත් මවිත කරමින් බොක්ස් ඔෆිස් වාර්තා පිහිටුවූ චිත්‍රපටයක් විය.

කිංග් කොං නමැති යෝධ ගෝරිල්ලාගේ චරිතය ඇසුරින් 2017 වසරේ තිරගත වුණු ‘කොංග්: ද ස්කල් අයිලන්ඞ්’ චිත්‍රපටය ද මෙම චිත්‍රපට මාලාවට අයත් වෙයි. එම චිත්‍රපටය අවසන් වූයේ ‘ගොඞ්සිලා: කිංග් ඔෆ් මොන්ස්ටර්ස්’ චිත්‍රපටයට මඟ සකස් කරමිනි.

‘ගොඞ්සිලා: කිංග් ඔෆ් මොන්ස්ටර්ස්’ චිත්‍රපටය මයිකල් ඩවුටි්‍රගේ අධ්‍යක්ෂණයකි. කයිල් චැන්ඞ්ලර්, වේරා ෆාමිගා, සැලී හෝකිංස් සහ ළමා නිළියක වන මිලී බොබී බ්‍රවුන් ද ආදීහු චිත්‍රපටයට සම්බන්ධ වී සිටිති.

2014 ගොඞ්සිලා චිත්‍රපටයේ ගොඞ්සිලා විකිරණශීලි මෘගයන් දෙදෙනකු සමඟ සටන් කරමින් ජයග්‍රහණය කළේය. මෙම නවතම චිත්‍රපටයේ කතාව මොත්‍රා, රෝඩාන් පමණක් නොව හිස් තුනක් ඇති ගිදෝරා සමඟ ගොඞ්සිලා කරන සටනය. මිනිස් වර්ගයාගේ පැවැත්ම රඳා පවතින්නේ ගොඞ්සිලාගේ ජයග්‍රහණය මතය.


RECOMMEND POSTS