ගායිකා කනිකා කපූර් සුවවී ගෙදර යයි



‘කොවිඞ් 19’ ආසාදිතයකු වීම හේතුවෙන් තවත් ජනපි‍්‍රය වූ ඉන්දීය ජනපි‍්‍රය ගායිකා කනිකා කපූර් (42) ලක්නව් නුවර සන්ජේ ගාන්ධි වෛද්‍ය ආයතනයේ ප‍්‍රතිකාර ලබා සුවය ලැබීමෙන් පසු යළි නිවෙස බලා පිටත්ව ගියාය.

පසුගිය පැය 48 ඇතුළත වයිරසය සිරුරේ ඇතිදැයි සොයා බැලීමට පරීක්ෂණ 6 ක් සිදු කළ බවත්, ඇගේ සිරුරේ වයිරසය තවදුරටත් නොමැති බව එයින් තහවුරු වුණු බවත් වෛද්‍යවරු පවසති.

කනිකා කපූර් කොරෝනා ආසාදිතයකු බව තහවුරු වූයේ පසුගිය මාර්තු 9 වැනිදා ලන්ඩන් නුවර සංචාරයකින් පසු ආපසු ඉන්දියාවට පැමිණි අවස්ථාවේදීය. ලන්ඩනයේ දී ඇය ලන්ඩන් ප‍්‍රභූවරුන් රැසක් සහභාගී වූ සාදයකට ද එක් වූවාය.

බි‍්‍රතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරුන් ද මෙම සාදයට පැමිණ සිටියේය. චාල්ස් කුමරුන් ද පසුව කොරෝනා ආසාදිතයකු බව තහවුරු විය. කුමරුන්ගේ තත්ත්වය ද යහපත් බව පැවැසෙයි.

නවදිල්ලියේදීය (රොයිටර්)


RECOMMEND POSTS