කේට් කුමරියගේ යටගියාව



ජෝර්දාන සංචාරය අතරතුරේ, ජෙරාෂ් නගරයේ නටබුන් වී ගිය රෝම මාලිගය නැරැඹීමට ද බ්‍රිතාන්‍යයේ විලියම් කුමරු අමතක නොකළේය.

විලියම් කුමරු සමඟ ජෝර්දානයේ ඔටුන්න හිමි අබ්දුල්ලා කුමරු ද එම අවස්ථාවට එක් වූයේය.

අලුත උපන් ලුවි කුමරුන්ගේ කටයුතු නිසා බිරිඳ කේට් මිඞ්ල්ටන් හෙවත් කේම්බ්‍රිජ් ආදිපාදවරියට තමන් සමඟ ජෝර්දාන සංචාරයට එක් වීමට නොහැකි වුණු බවත්, ඇය ඒ ගැන කනගාටුවෙන් පසුවන බවත් විලියම් කුමරු එම අවස්ථාවේදී මාධ්‍ය හමුවේ පැවැසීය.

1984 දී, වයස අවුරුදු දෙකක් වුණු කේට් මිඞ්ල්ටන්, වසර තුනක් පවුලේ අය සමඟ ජෝර්දානයේ ජිවත් වී ඇත.

කේට් මිඞ්ල්ටන්ගේ පියා බ්‍රිතාන්‍ය ගුවන් සේවාවේ කළමනාකරුවකු ලෙස ඒ වනවිට රාජකාරි කළේය. ජෝර්දානයේ අම්මාන් නුවරට ඔහුට මාරුවීමක් ලැබුණි. මිඞ්ල්ටන් පවුල ජෝර්දානයේ පදිංචියට පැමිණියේ ඒ අනුවය.

කේට් මිඞ්ල්ටන්, පියා සහ මව ද සමඟ ජෝර්දානයේ පදිංචියට පැමිණ ඇත්තේ සොහොයුරිය පිප්පා කැටුවය. ඒ වනවිට පිප්පාගේ වයස මාස 8 කි. 1984 සිට වසර තුනක් ඔවුන් ජෝර්දානයේ පදිංචිවී සිටි බව පැවැසෙයි.

කේට් පියා සහ නැගණිය පිප්පා සමඟ, ජෙරාෂ් නගරයේ රෝම මාලිගයේ නටබුන් නැරැඹීමට ප්‍රිය කළ බවත් නටබුන් ඇති ස්ථානයට ගොස් සෙල්ලම් කර ඇත.

කේට් මිඞ්ල්ටන්, නැගණිය පිප්පා සහ පියා නටබුන් අතරේ සිට ගත් ඡායාරූපයක් ද විලියම් කුමරුට දැක බලා ගැනීමට සැලැස්වීමට ජෝර්දාන අබ්දුල්ලා රජු කටයුතු කළේය. එම ඡායාරූපය ගත් තැනට යෑමට ද විලියම් කුමරු අමතක නොකළේය.

(ඬේලිමේල් ඇසුරිනි)


RECOMMEND POSTS