කුමරුට 33යි



සෞදි ඔටුන්න හිමි කුමරු, නියෝජ්‍ය අගමැති සහ ආරක්ෂක අමාත්‍ය, මොහොමඩ් බින් සලමන් බින් අබ්දුල්ලාසිස් සිය තිස්තුන් වැනි උපන්දිනය අගෝස්තු 31වැනි දින සැමරූ බව සෞදි ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේය.

1985 අගොස්තු 31වැනි දින කුමරු උපත ලබා ඇති අතර තිස්තුන්වැනි උපන්දිනය සැමරීම නිමිත්තෙන් පසුගියදා සාදයක්ද පවත්වා ඇත.

කුමරුගේ ළමා කාලයේ ඡායාරූප කීපයක් සමාජ ජාල වෙබ් අඩවිවල පළකර ඇති බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS