කැලිෆෝනියා ආණ්ඩුකාර ධුරයට තරග වදින ලාංකික කෝටිපතියා



ශ්‍රී ලංකාවේ උපත ලැබූ කෝටිපති ආයෝජකයෙකු සහ ව්‍යාපාර ප්‍රාග්ධන සමාගමක් ප්‍රධාන විධායක නිලධාරියෙකු වු චමත් පළිහපිටිය 2022 වසරේදී කැලිෆෝනියා ප්‍රාන්ත ආණ්ඩුකාර ධුරය සඳහා තරඟ කිරීමට නියමිත යැයි බිස්නස් ඉනසයිඩර් සහ බ්ලූම්බර්ග් ප්‍රවෘත්ති සේවා වාර්තා කළේය.

මෙම ආණ්ඩුකාර ධූරය සදහා පලිහපිටිය මහතා තරග කරන බවට සදහන් කරමින් නිල නිවේදනයක් මෙතෙක් කැලිෆෝනියා රාජ්‍ය ලේකම් වෙත ඉදිරිපත් කර නොමැති වුවද,  ඔහු එම ධූරය සදහා තරග කරන බවට සදහන් කර ඇත්තේ ඔහුගේ නිල ට්විටර් ගිණුම හා ඔහුගේ පෞද්ගලික වෙබ් අඩවියෙන් යැයිදි එම ප්‍රවෘත්ති සේවා වාර්තාවන් හි දැක්වේ.

දැනට 39 හැවිරිදි වියේ පසුවන ශ්‍රී ලංකාවේ උපන් , වර්තමානයේ කැනේඩියානු - ඇමරිකානු පුරවැසියකු ද වන චමත් පළිහපිටිය මහතා ලෝකයේ ප්‍රබල සමාජ මාධ්‍ය ජාලයක් වන ෆේස්බුක් හි දෙවැනි ප්‍රධානියා ලෙසින් එම සමාජ මාධ්‍යය ප්‍රචලිත කිරීමට දායක වූවෙකුද වේ.

සය හැවිරිදි වියේදී සිය ශ්‍රී ලාංකික සිංහල ජාතික දෙමව්පියන් සමග  සරණාගතයින් ලෙස කැනඩාවට සංක්‍රමණය වූ චමත් පලිහපිටිය මහතා සිය කුඩා කාලෙය් සිය දෙමව්පියන් සමග ගත කළ දුෂ්කර කාලය ගැන  සංවේදී ලෙසින් ඇමෙරිකානු මාධ්‍ය හමුවේ මීට පෙර අදහස් දක්වා ඇත.කැනඩාවට සංක්‍රමණය වූ මුල් කාලයේදී ඔහුගේ පිය රැකියා විරහිතව කටයුතු කර ඇති මව හෙද නිලධාරිනියක ලෙස කටයුතු කොට ඇත.

විවිධ දුෂ්කරතා මධ්‍ය යේ සිටියදී වයස අවුරුදු 17 ලබද්දී චමත් පළිහපිටිය මහතා 1999 වසරේදී වෝටර්ලූ විශ්ව විද්‍යාලයෙන් විදුලි ඉංජිනේරු උපාධිද ලබා ඇත.

උසස් අධ්‍යාපනයෙන් පසුව  අයෝජන බැංකුවක සේවය කරමින් සිටියදී ඇමෙරිකාවේ කැලිෆෝනියා වෙත සංක්‍රමණය වී ඇත.පසුව එහිදී විවිධ රැකියාවන් හි නිරත වූයේය.

පසුකාලීනව ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය ලොව පුරා ප්‍රචලිත කිරීමෙන් ප්‍රසිද්ධිය ලැබූ ඔහු 2011 වසරේදී එම සමාගමෙන් ඉවත්ව යාමෙන් පසුව විවිධ අයෝජන කරමින් කෝටිපති අයෝජකයෙකු හා ප්‍රධනා විධායක නිලධාරියෙකු ලෙසින් සිය වෘත්තීය කටයුතු මෙහෙය වුයේය.

වත්මන් කැලිෆෝනියා ආණ්ඩුකාර ධූරය දරන ගැවින්  නිව්සෝම් 2022 දී නැවත ආණ්ඩුකාර ධුරය සඳහා තරඟ කිරීමට සූදානමක් නොමැති බවද පැවසේ.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS