ඇවෙන්ජර්ස් වාර්තා තබයි



ඇවෙන්ජර්ස් චිත්‍රපට මාලාවේ අවසානය ‘ඇවෙන්ජර්ස් එන්ඞ්ගේම්’ ලොව පුරා රටවල් රැසක මේ වනවිට තිරගතවීම් ආරම්භ කර ඇත. චිත්‍රපටය ලොව පුරා තිරගතවීම් ආරම්භ කළේ ඊයේ (26) ය.

පවතින නොසන්සුන්කාරී තත්ත්වය සහ ආරක්ෂක හේතූන් මත ශ්‍රී ලංකාවේ ඇවෙන්ජර්ස් එන්ඞ්ගේම් තිරගත වීමට නියමිතව ඇත්තේ මැයි 3 වැනිදා සිටය.

‘ඇවෙන්ජර්ස් එන්ඞ්ගේම්’ චිත්‍රපටය රටවල් රැසක පළමු දින වැඩිම ආදායමක් වාර්තා කළ චිත්‍රපටය වීම සුවිශේෂී කරුණකි. චිත්‍රපටය සඳහා ප්‍රවේශපත් අලෙවි වූයේ ද මාසයකට පමණ පෙරය.

ඇවෙන්ජර්ස් එන්ඞ්ගේම් චීනයේ එක් දිනක් තුළ ඇමෙරිකන් ඩොලර් මිලියන 107 ක් ඉපැයීය. චීන සිනමා නිර්මාණයක් මෙතරම් මුදලක් උපයා නැති බව වාර්තා වේ.

ඊට අමතරව නවසීලන්තය, පිලිපීනය, කොරියාව, ඉන්දුනීසියාව, මැලේසියාව, නෙදර්ලන්තය, ග්‍රීසිය, ස්ලොවේකියාව, තුර්කිය, යුක්රේනය ආදී රටවල ද එක් දිනකදී වැඩිම ආදායමක් ඉපැයූ ලෝක ඉතිහාසයේ පළමු සිනමා නිර්මාණය වන්නේ මාවල් සුපිරි විරයන්ගේ එකමුතුව වන ඇවෙන්ජර්ස්: ද එන්ඞ්ගේම් චිත්‍රපටයයි.

(අයි.එම්.ඩී.බී. ඇසුරිනි)

 


RECOMMEND POSTS