ඇමැති දියණියගේ මඟුලට ආ සුපිරි අමුත්තා



ඉන්දීය කම්කරු ඇමැති රවිශංකර් ප්‍රසාද්ගේ දියණිය ආධිතිගේ මංගල්‍යය පසුගිය දා අති උත්කර්ෂවත් අන්දමින් දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ පැවැත්විණි.

ඇමැති දියණියගේ මංගල උත්සවයට සම්භාවනීය අමුත්තෝ බොහෝ දෙනෙක් පැමිණියාහ. ඒ අතරින් කැපී පෙනෙනුනේත්, කාගේත් අවධානය දිනා ගත්තේත් බොලිවුඞ් සුපිරි නළු ෂාරුක් ඛාන්ය.

ෂාරුක්ට මංගල උත්සවය වෙනුවෙන් ආරාධනා කර ඇත්තේ ද ඇමැති රවිශංකර්ය. මාධ්‍ය වාර්තා කළේ මනාල යුවලටත් වඩා කාගේත් අවධානය ෂාරුක් වෙත යොමු වුණු බවය.

(එන්.ඩී.ටීවී.)

 


RECOMMEND POSTS