අලුත් පෙම්වතා එක්ක රවුම් ගහන ප්‍රියංකා



ඉන්දීය සුපිරි නිළි ප්‍රියංකා චොප්රා හොලිවුඩ් නළුවකු මෙන්ම ගායකයකු ද වන 25 හැවිරිදි නික් ජෝනාස් සමග ප්‍රේම සම්බන්ධතාවය ඇරඹීමෙන් පසු ප්‍රියංකා ඔහුත් සමග ඉන්දියාවේ සංචාරයක නිරත වී ඇතැයි බොලිවුඩ් ආරංචි වලින් පැවසේ.

පසුගිය දින කිහිපයේ ප්‍රියංකා හා නික් සාද කීපයකදීම එකට දකින්නට ලැබුණු අවස්ථා දැක්වෙන ඡායරූප කිහිපයක් ද විදෙස් මාධ්‍ය ඔස්සේ දැක ගන්නට ලැබුණු අතර, එවැනි ආකාරයෙන්ම නව පෙම් යුවළගේ ඉන්දීය සංචරයේ ජයාරෑප එක් කර ඇතැයි වාර්තා වේ. 

එපමණක් නොව දෙදෙනා අත් අල්ලාගෙන රාත්‍රී කාලයේ භෝජනාගාරවලට යන ආකාරය දැක්වෙන ඡායාරූප කිහිපයක්ද අන්තර්ජාලයේ පලවනවා.

ප්‍රිියංකාගේ හා නික්ක්ගේ වයස් අතර විශාල පරතරයක් ඇති අතර මේ වන විට ප්‍රියංකාගේ වයස අවුරුදු 35 ක් වන අතර නික් ගේ වයස වනුයේ අවුරුදු 25 ක්. ඒ අනුව ඔවුන්ගේ වයස අතර පරතරය අවුරුදු 10ක්.



කෙසේ නමුත් ප්‍රියංකාට නික් මුණ ගැහෙන්නට ප්‍රථම ප්‍රේම සම්බන්ධතා ගණනාවක්ම තිබූ අතර ඉන් ප්‍රසිද්ධ වූයේ ආක්ෂේ කුමාර් සහ ෂාරුක් ඛාන් අතර තිබූ පෙම් සබදතාවයයි.

( තිළිණි ද සිල්වා )

RECOMMEND POSTS