අයිශ්වර්යාගේ තාත්තා දැඩි සත්කාර ඒකකයේ



සුපිරි බොලිවුඩ් නිළි අයිශ්වර්යා රායිගේ පියා, වර්‍ ක්‍රිෂ්ණරාජ් රායි පිළිකා රෝගියකු බවත්, ඔහුගේ රෝගී තත්ත්වය උත්සන්න වීම නිසා ඔහු මේ වනවිට මුම්බායි හි ලීලාවතී පෞද්ගලික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළු කර ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

වෛද්‍යවරුන් දන්වා ඇත්තේ ඔහුගේ ඔහුගේ ජීවිතය අවදානම් බවය.

ඔහුගේ පිළිකා රෝගී තත්වය උත්සන්න වීම නිසා මීට සති දෙකකට පෙර එම රෝහලට ඇතුළු කර ප්‍ර තිකාර ලබමින් පසු වූ අතර මේ වන විට ඔහුගේ තත්වය බරපතල බවට රෝහලෙන් දැන්වීමෙන් පසු රායි පවුල මෙන්ම බච්චන් පවුලද රෝහල වෙත නිරන්තරයෙන් යමින් ඔහුගේ සුව දුක් විමසා බලමින් සිටින බව වාර්තාවේ.

මෙම ආරංචිය කණ වැකීමෙන් පසු අයිශ්වර්යාගේ රසිකයින්ද රෝහල වෙත පැමිණ ඇති අතර එයින් විශාල මාර්ග තදබදයක්ද හටගෙන ඇතැයි ද ඉන්දියානු මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර අයිශ්වර්යාගේ පියා දැඩි ලෙස රෝගාතුර වීම හේතුවෙන් රායි පවුල් මෙන්ම, බච්චන් පවුලේ අයද ඊයේ (13) යෙදී තිබූ හෝලි උත්සවයද සමරා නැතැයි වාර්තාවේ.

තිළිණි ද සිල්වා
ඉන්දියා ටී.වී ඇසුරෙනි.

 


RECOMMEND POSTS