ලොව ළාබාලතම අගමැතිනිය



ෆින්ලන්තයේ පාලක පක්ෂ නව නායිකා 34 හැවිරිදි සන්නා මරීන් ලොව ළාබාලතම අගමැතිවරිය වීමට නියමිතය.

ෆින්ලන්තයේ පාලක ඩිමොක්‍රටික් පක්ෂයේ නායකත්වය හිමිවුණු ඇය තව දින කීපයකින් අගමැති ධුරයේ දිවුරුම් දීමට නියමිතය. ෆින්ලන්තයේ ද අගමැති ධුරය හිමිවන්නේ පාලක පක්ෂයේ නායකයාටය. මේ වනතුරු පක්ෂයේ නායිකාව ලෙස කටයුතු කළේ ඇන්ට්ටි රිනේ ය.

තැපැල් වර්ජනයක් සමඟ හටගත් අර්බුදයක් මුල්කොට ගනිමින් රිනේ ට පක්ෂ නායකත්වයත් අගමැති ධුරයත් අහිමි විය.

ඒ අනුව, පාලක ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය නව නායිකාව ලෙස ප්‍රවාහන අමාත්‍යවරිය ලෙස කටයුතු කළ සැන්නා මරීන් තෝරා ගත්තේය. මරීන් ට අගමැති ධුරය හිමිවූයේ එලෙසිනි. පාලක ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය තවත් පක්ෂ හතරක් සමඟ සන්ධානගත වී සිටින අතර එම පක්ෂ හතරේ නායකත්වය දරන්නේ කාන්තාවන් වීම සුවිශේෂත්වයකි.

අගමැති ධුරයේ දිවුරුම් දීමෙන් පසු සන්නා මරීන් ලොව ළාබාලතම අගමැතිවරිය වනු ඇත. මෙතෙක් එම වාර්තාව තිබුණේ නවසීලන්ත අගමැතිනී ජැසෙන්ඩා එර්ඩන් සතුවය. ජැසෙන්ඩා එර්ඩන් නවසීලන්තයේ අගමැති ධුරයට පත්වෙද්දී වයස අවුරුදු 39 කි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS