නාසා ගගනගාමියා සමුගනී



1984 වසරේ දී, අභ්‍යවකාශ ෂටලයක ආධාරයෙන් පෘථිවි කක්ෂයට ගොස්, ගගන සක්මනක යෙදී, යළි පෘථිවියට පැමිණි ඇමෙරිකා නාසා ගගනගාමී බෲස් මැක්කැන්ඞ්ල්ස් දිවියෙන් සමුගත් බව විදෙස් පුවත් සේවා වාර්තා කළේය.

මියයනවිට බෲස්ගේ වයස අවුරුදු 84 කි. බෲස් ගගන සක්මනට එක් වූයේ තනිවමය.

ඔහු විශේෂ ජෙට් ගගන ඇඳුම් කට්ටලයකින් සැරැසී අභ්‍යවකාශයේ මීටර් 100 ක දුරක් ගමනේ යෙදුණේ ෂටලය සමඟ රැහැනකින් සම්බන්ධ වන්නේ නැතිවය. එය ඉතා අනතුරුදායක මෙන්ම අවදානම් වික්‍රමයක් විය.

‘සඳ මත පය තැබීම නීල්ට කුඩා පියවරක් වෙන්න ඇති. ඒත් මම කළේ යෝධ පිම්මක්’ යැයි එම වික්‍රමයෙන් පසු ඔහු 1969 දී නීල් ආම්ස්ට්‍රෝන් පළමුවෙන් සඳ මත බය තැබූ අවස්ථාවේදී කී වදන් සිහි කරමින් මෙසේ පැවැසීය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS