ෆිෆා පාපන්දු ශ්‍රේණිගත කිරීම්වලින් කටාර් රාජ්‍යය 85 වැනි ස්ථානයට



 

ෆිෆා ආයතනයේ අලුත්ම මාසික ශ්‍රේණිගත කිරීම පසුගියදා ප්‍රකාශයට පත් වූ අතර එම ශ්‍රේණිගත කිරීමට අනුව කටාර් ජාතික පාපන්දු කණ්ඩායම ජාත්‍යන්තර මට්ටමෙන් 85 වැනි ස්ථානයටත්, ආසියානු මට්ටමෙන් 9 වැනි ස්ථානයටත් පත්ව තිබේ. මීට පෙර කටාර් රාජ්‍යය පසුවූයේ 87 වැනි ස්ථානයේය. ජාත්‍යන්තර මට්ටමෙන් පළමු ස්ථාන දහයේ කිසිදු වෙනසක් සිදුනොවීමද විශේෂත්වයකි.

ප්‍රසාද ලකුණු 1,634 ක් ලබාගත් ආර්ජෙන්ටිනාව මෙම ලැයිස්තුවේ පළමුවැනි ස්ථානයේ පසුවන අතර ඔවුන්ගේ දකුණු ඇමෙරිකානු ප්‍රතිවාදියා වන බ්‍රසීලය (ප්‍රසාද ලකුණු 1,544) දෙවැනි ස්ථානය සහ ලෝක ශූර ජර්මනිය (1,433) තෙවැනි ස්ථානයත් හිමි කරගෙන සිටියි. මීට අමතරව කෝපා ඇමෙරිකා ජයග්‍රාහකයන් වන චිලී රාජ්‍යය, බෙල්ජියම, කොලොම්බියාව, ප්‍රංශය, යුරෝපා ශූරයන් වන පෘතුගාලය, උරුගුවේ සහ ස්පාක්‍ද්ක්‍දය මුල් ස්ථාන 10 අතරට තේරී පත්වූ අනෙක් රටවල් වෙයි. ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ 35 වැනි ස්ථානයේ පසුවන ඊජිප්තුව අරාබි කාලපයේ පළමු වැන්නා බවට පත්ව ඇති අතර ටියුනීසියාව 35 වැනි ස්ථානයේ පසුවෙයි.

ස්ථාන 6 ක් ඉදිරියට පැමිණි සෞදි අරාබිය 48 වැනි ස්ථානයට පත්වෙමින් හොඳම රටවල් 50 අතරට ඇතුළත් වී ඇති අතර නැවත වරක් 57 වැනි ස්ථානය දිනා ගැනීමට මොරොක්කෝවට හැකිවී තිබේ.


RECOMMEND POSTS