හොරෙන් ඇතුළු වෙන්න හැදූ 4 ක් දැලේ



කුවේට් රාජ්‍යයට අනවසරයෙන් ඇතුල්වීමට උත්සහ කල ඉරාන සන්නද්ධ පුද්ගලයින් හතර දෙනෙකු කුවේට් වෙරළාරක්ෂක බළකාය අත්අඩංගුවට ගත් බවකුවේට් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේය.

කුවේට් මුහුදු සීමාවට ඇතුලුවූ බෝට්ටුවක්සන්නද්ධ පුද්ගලයින් හතර දෙනෙකු රැගෙන යමින් තිබියදී කුවේට් නාවික හමුදාවේ වෙරළාරක්ෂක රේඩාර් පද්ධතියට නීරීක්ෂණය වී ඇත.

නිරීක්ෂණයෙන් පසු, කුවේට් වෙරළාරක්ෂක බළකාය ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට සඳහා මෙහෙයුමක් දියත් කළේය.

එම මෙහෙයුමේදී වෙරළාරක්ෂක බළකායේ නිලධාරියකුට සහ සන්නද්ධ පුද්ගලයින් දෙදෙනෙකුට සුළු තුවාල සිදු වී ඇති බව කුවේට් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජී.ඩී.එන්. ඔන්ලයින් ඇසුරිනි)


RECOMMEND POSTS