හවුදි ගරිල්ලන් යේමනයේ සිටින එල්ල කල බැලැස්ටික් මිසයිලයක් විනාශ කෙරේ



යේමනයේ සිටින හවුදි ගරිල්ලන් සහ ඔවුන්ට සහයෝගය දක්වන සටන්කාමීන් විසින් ඉල්ල කරන ලද බැලැස්ටික් මිසයිලයක් සෞදි රාජකීය ගුවන් හමුදාව විනාශ කර ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කලේය.

කාමිස් මුෂයිට් ප්‍රෙද්ශය දෙසට ගමන් කරමින් තීබු බැලැස්ටික් මිසයිලයක් සෞදි රාජකීය ගුවන් හමුදාව  සතුව පවතින ප්‍රතිමිසයිල නාශක ආරක්ෂක පද්ධතිය මගින් විනාශ කල බව යේමන හමුදා සන්ධානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත. 
මිසයිල එල්ල කිරීම සදහා යෙදාගත්  උපකරණ සෞදි රාජකීය ගුවන් හමුදාව විසින් එල්ල කරන ලද ගුවන් ප්‍රහාරයෙන් විනාශ වූ බව සෞදි හමුදා ප්‍රධානියා ප්‍රකාශ කල බව එම වෙබ් අඩවිය වැඩිදුරටත් සදහන් කොට ඇත.  

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS