සෞදියේ න්‍යෂ්ටික බලාගාර හදන්න ට්‍රම්ප්ගේ සහාය



සෞදි අරාබියේ න්‍යෂ්ටික බලාගාර ඉදිකිරීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පරිපාලනය සහාය ලබා දීමට සූදානමින් සිටින බවත්, ට්‍රම්ප් පරිපාලනය එසේ කිරීමට සූදානම් වන්නේ කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතියෙන් තොරව බවත් ඇමෙරිකන් පුවත් සේවා අනාවරණය කළේය.

සෞදියේ න්‍යෂ්ටික බලාගාර ඉදිකිරීමට තමන් සහාය දෙන බව ජනපති ට්‍රම්ප් පවසා ඇති නමුත්, එසේ කිරීමට නම්, ට්‍රම්ප් පරිපාලනයට, ඇමෙරිකන් කොංග්‍රසයේ (පාර්ලිමේන්තුවේ) අනුමැතිය අවශ්‍ය වෙයි. කෙසේ නමුත් ජනපති ට්‍රම්ප් උත්සාහ ගන්නේ ඔහුගේ විධායක බලතල පාවිච්චි කරමින්, කොංග්‍රසයේ තීරණය අභිබවා සෞදියට සහාය දැක්වීමට යැයි ඇමෙරිකන් පුවත් සේවා පෙන්වා දෙයි.

වොෂින්ටනයේදීය (රොයිටර්ස්)

 


RECOMMEND POSTS