සෞදියේ නගරවලට මිසයිල ගහලා



සෞදි අරාබියේ නගර කීපයක් ඉලක්ක කරගනිමින් මිසයිල ප්‍රහාර එල්ල කර ඇති බව වාර්තා වේ.

ඉරානයේ සහය ලබන හවුදි ගරිල්ලන් අළුයම 12.30 පමණ මිසයිල් ප්‍රහාර එල්ල කර ඇති අතර, සෞදි රාජකීය ගුවන් හමුදාවට අයත් ප්‍රති-බැලැස්ටික් මිසයිල් පද්ධතිය මඟින් මිසයිල විනාශ කර ඇත.

හවුති ගරිල්ලන් සාමාන්‍ය වැසියන් ඉලක්ක කර ගනිමින් මිසයිල් ප්‍රහාර හිතාමතාම එල්ල කර ඇති බවත්, ජාත්‍යන්තර මානුෂීය නීති තදින්ම උල්ලංඝනය කිරීමක් බව සෞදි ප්‍රමුඛ හමුදා සන්ධානයේ නිල මාධ්‍ය ප්‍රකාශක, කර්නල් තුර්කි අල්-මල්කි පැවසීය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS