සෞදියේ 75 ක් බහරේන බන්ධනාගාරවල



සෞදි ජාතිකයින් හැත්තැ පස්දෙනෙක් බහරේන් බන්ධනාගාරවල රඳවා ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

හෝටල් සහ බැංකු මංකොල්ල කෑම්, ස්වයංක්‍රීය ටෙලර් කාඩ්පත් වංචාවන්, මාර්ග නීති උල්ලංඝනය කිරීම් සහ පෞද්ගලික ප්‍රශ්න යන කාරණා හේතුවෙන් බන්ධනාගර ගත කර ඇති අතර කාන්තාවන් පස් දෙනෙක්ද පිරිස අතර සිටින බව බහරේන් සෞදි තානාපති, ආචාර්ය අබ්දුල්ලා බින් අබ්දුල්මලික් අල්-ෂයික් ප්‍රකාශ කළේය.

තමන් පෞද්ගලිකවම බහරේන් බන්ධනාගාරවලට ගොස් සෞදි ජාතිකයින්ගේ සුවදුක් විමසු බවත් පවතින නඩු කඩිනමින් විභාග කර අවසන් කරවාගැනීමසම්බන්ධයෙන් බහරේන් බලධාරීන් සමඟ සහයෝගයෙන් කටයුතු කරන බවත් අධිකරණ ක්‍රියාවලිය සම්පූර්ණයෙන් අධ්‍යයනය කරමින් සිටින බව තනාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙන්)


RECOMMEND POSTS