සෞදියට හිම පතනයක්



සෞදි අරාබියේ අසීර් පලාතේ අල්-නාමස් ආණ්ඩුකාර ප්‍රදේශයට අධික හිම පතනයක් ලැබි ඇති බව වාර්තා වේ.

රථ වාහනවලට ගමන් කිරීමට හැකිවන ආකාරයෙන් මාර්ගයන්වල පතිත වී ඇති හිම ඉවත් කරන ආකාරය අන්තර් ජාලයට එක්කර ඇති විඩියෝවක සටහන් වී ඇති බව වාර්තා වේ.

විවිධ වයස් කාණ්ඩයන්වලට අයත් පුද්ගලයින් මාර්ග දෙපසට පැමිණ සෙල්ෆි ඡායාරූප ගනිමින් සතුටුවන ආකාරය ද සටහන් වී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS