සෞදිය ශ්‍රමිකයන්ට නිවාස දෙයි



සෞදි අරාබියේ මදීනා නුවර සිටින විදේශ ශ්‍රමිකයන්ට නිවාස ලබාදීම සඳහා ප්‍රධාන පෙළේ නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක කරන බව වාර්තා වේ.

ශ්‍රමිකයන්ට නිවාස ලබාදීම සඳහා මේවනවිටත් සැළසුම් සකස් කර ඇති අතර, නිවාසවල පවතින තදබදය මඟහරවා ගැනීම සඳහා සෞදි රජය දරන උත්සාහයේ කොටසක් ලෙස නව නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක කරන බව සඳහන් වේ.

විදේශ ශ්‍රමිකයන්ගේ නිවාසවල ඇති තදබදය මඟහරවා ගැනීම සඳහා මදීනා ආණ්ඩුකාර ෆයිසාල් බින් සල්මාන් කුමරු නියමු නිවාස යෝජනා ක්‍රම තුනක් අප්‍රේල් මාසයේදී ප්‍රකාශයට පත් කළ බව අරාබි පුවත් සේවය වාර්තා කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)   

RECOMMEND POSTS